(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් ලංගම බස් රථ 5500 ක පමණ ප්‍රමාණයක් හෙට (01) සිට ධාවනයට සූදානම් කර ඇතැයි ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.
ලංගම රියදුරු කොන්දොස්තර හා කාර්මික අංශයේ සේවකයන් සියලු දෙනාගේ නිවාඩු අවලංගු කරමින් ඔවුන් රාජකාරිය සඳහා කැඳවන ලෙසට සියලුම ඩිපෝ අධිකාරීවරුන් වෙත උපදෙස් ලබා දී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
නිරෝධායන නීතිය ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංගම බස් රථ ධාවනය වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත්වීම සඳහා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්‍යාලයේ අද(30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
අන්තර් පළාත් බස් රථ ධාවනය පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති හෙයින් ඒ සඳහා වෙන් කර තිබෙන බස් රථද පළත් තුළ ධාවනයට පියවර ගන්නා බවත් රණවක මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා කැඳවා තිබෙන දුර පළාත්වල සේවකයන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සලසන බවත් ආයතන මට්ටමින් ලංගම ප්‍රධාන කාර්‍යාලයේ මෙහෙයුම් අංශය හෝ ඩිපෝ මට්ටමින් ඉල්ලමක් කිරීම තුළින් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
කිසිදු තද බදයකින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය බස් රථ ප්‍රමාණයක් යොදවන ලෙස ප්‍රාදේශීය හා ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් දී ඇතැයිද හෙතෙම කීවේය.
බස් රථයක ගමන් කළ හැකි වන්නේ ආසන ප්‍රමානයට පමණක් බවත් හැකි සෑම අවස්ථාවකම විසබීජහරණය කර බස් රථ ධාවනයට යොදවන්නැයි ඩිපෝ අධිකාරි වරුන්ට උපදෙස් දී ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

