
(නිමල කොඩිතුවක්කු)
මගී ජනතාවගේ හිඟය හේතුවෙන් දුර ගමන් සේවා බස් රථ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවැසීය.
කෙසේ වෙතත් මගී ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් බස්රථ යෙදවීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව බස් රථ යෙදවීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

