ලංකා -මහජන බැංකු සාමාන්‍ය විදියට වැඩ


(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)

ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ශාඛා 265 ක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ලංකා බැංකුවේ සියලුම අංශ සාමාන්‍ය පරිදි බැංකු සේවා සමඟින් මහජනතාවට සේවය කිරීම සඳහා ක්‍රියාත්මක වන බව ද ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා තහවුරු කර තිබෙි.

මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතා තහවුරු කර ඇත්තේ මහජන බැංකු ශාඛා 340 න් 272 ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක වන බවත් අද පෙරවරු 10.30 වන විට පැමිණීම 75% ඉක්මවන බවත්ය.

(තිලකරත්න දිසානායක

ගම්පහ

අම්බලන්ගොඩ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විවෘතව තබා ඇත (දීපාල් සිල්වා)