රෝහල්වල වැඩට ත්‍රිවිධ හමුදාව කැඳවයි


(ගයාන් සූරියආරච්චි)

රෝහල්වල සහාය සදහා ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටී.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, එම අපහසුතාවය මඟ හැරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර ඇත.

( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )


( ජායාරූප - ඩී.ජී.සුගතපාල)