
(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකා රේගුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු 6 වැනිදා දක්වා රුපියල් බිලියන 1271 ක ආදායමක් රැස් කර ගෙන ඇතැයි රජය පවසයි.
වසරේ මෙතෙක් වැඩිම රේගු ආදායම ලෙස පසුගිය ජුලි මාසයේදී රැස් කර ගත් රුපියල් බිලියන 231 ත් සමඟින් මෙම ආදායම තවත් ඉහළ ගොස් ඇත.
මෙම වසරේ ගත වූ මාස 6 තුළදී වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 24,418 ක් වේ. ඉකුත් 2024 වසර පුරා වරාය මෙහෙයුම් වලින් ඉපැයූ ලාභය රුපියල් මිලියන 14,691 ක් බවත් ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 66%ක වර්ධනයක් මේ වන විට ලබා ඇත.
මේ වසරේ ගත වූ මාස 6 තුළදී ටෙලිකොම් ආයතනය රුපියල් මිලියන 3670ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වර්ෂයේ වාර්තා වී තිබුනේ රුපියල් මිලියන් 3020 ක් ලෙසය.
ශ්රී ලංකා පෙට්රෝලියම් කෝපරේෂන් හි 2025 පළමු කාර්තුවේ ලාභය රුපියල් බිලියන 18 කි.

