(ටී.කේ.ජී.කපිල)
ලෝකයේ ජනප්‍රිය "රෙගේ" සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි ප්‍රසංගයක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකාවට අද (16) අලුයම පැමිණියේය.
බොබ් මාලේගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා ඇල්ෆා බ්ලොන්ඩි වේ.
ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකුද සමග අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇල්ෆා බ්ලොන්ඩි කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී එළඹෙන 19වැනිදා සවස සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය .
ඇල්ෆා බ්ලොන්ඩි සංගීතඥයා ඇතුළු පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබීය.