රුවන්වැලිසෑයට උඩින් ඩ්‍රෝන යැවූ තිදෙනෙක් අල්ලයි


(දයාරත්න ඇඹෝගම)

රුවන්වැලි මහා සෑයට ඉහළින් අනවසරයෙන් ගුවන්ගත කළ ‍ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.

මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ,මාලිගාවත්ත හා ජාඇල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 23ත් 32ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

මෙම පුද්ගලයන් තිදෙනා පුද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන පිරිසකි.  ඔවුන් ඊයේ (17)දින වාහන අලෙවි කිරිමේ ප්‍රවර්ධන වැඩ සටහනක් පවත්වා එය අවසන් කොට රැවන්වැලි සෑය වැදපුදා ගෙන රථගාල ආසන්නයේදි ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කොට ඇතැයි පොලිසිය කියයි.

අනවසරයෙන් ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කිරිමේ චෝදනාව මත උඩමළුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු මෙම පුද්ගලයන් තිදෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා අනුරාධපුර මුලස්ථාන පොලිසියට බාරදි තිබේ.

 

.