රුවන්, පැල්පොල විපස්සි නාහිමියන් බැහැදකී


(අංජුල මහික වීරරත්න)

නිදහස ලබා වසර 70ක් ගත වුවද තවමත් රට හදාගන්නට නොහැකි වීම පිළිබඳව ජාතියක් ලෙස කම්පාවට පත්විය යුතු යැයි අග්නිදිග ආසියාවේ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි නාහිමියෝ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා හමුවේ පැවැසූහ.

හොඳ දැක්මක් ඇති රුවන් විජයවර්ධන මහතා තම ජීවිත කාලයේදීම රටේ නායකයෙක් වනු දැකීම තම ප්‍රාර්ථනාව බවද විපස්සී නා හිමියෝ කීහ.

බොරැල්ල ⁣පැල්පොළ විපස්සි පදනමට පැමිණි රුවන් විජයවර්ධන මහතා විපස්සි නාහිමියන් බැහැදැක පිළිසඳර කථා බහක නිරත විය.එහිදී අනුශාසනාවක් කළ විපස්සි නාහිමියන් කීවෙි

බුදු දහම පිළිබඳ නිසි අවබෝධයක් ඇති යහපත් දැක්මක් තිබෙන අය රටෙි නායකයන් විය යුතු බවයි. රට හදන්නට හැකියාව ලැබෙන්නේ එසේ වුවහොත් පමණක් යැයිද විපස්සී නාහිමියෝ කීහ.

(ඡායාරූප: ප්‍රදීප් පතිරන)