රිෂාඩ්ට මැති සබයට එන්න කතානායකගේ කැමැත්ත


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා මැති සභා රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කතානායක මහින්ද යාපාඅබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී අද( 30 ) කැමැත්ත පළකර ඇත.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමක් අනුව කතානායකවරයා මෙසේ කැමැත්ත පළ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .

මේ අනුව රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී කරවන්නේ සහභාගි කරවන්නයි ඉදිරියේදී කතානායක වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ඇත.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුයුදීන් මහතා සහඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 24 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුව දෙදෙනා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගත්තේය.