රෑ බතත් ජනපති මැදුරේ සැකසේ


(අංජුල මහික වීරරත්න)

කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ පිහිනා ජල ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දැන් රෑ බත උයන්නට සූදානම් වන අයුරු අන්තර්ජලයේ  ඡායාරූප හුවමාරු වෙයි.

ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් එහි කාමර වල ද ඇවිදිමින් සුව පහසු ආසන වල අසුන් ගනිමින් තේ හදාගෙන බොමින් සිටින අයුරු දැකගත හැකි විය.

ඇතැම්හු ජනාධිපති මන්දිරයේ වහලයට නැඟ ජාතික කොඩි වනමින් ප්‍රීති ඝෝෂා කළහ.

ජනාධිපති මන්දිරයේ රැකවල්ලා සිටි ආරක්ෂක භටයන් ද අද පස්වරුවේ බස් රථ වලින් ඉවත්ව යන අයුරු දැකගත හැකි විය. අනතුරුව අරගල කරුවෝ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ. එහිදී ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජනතා දේපොළ කිසිවකට හානි නොකරන ලෙසයි.