(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඌව පලාතේ ගුරු විභාගය සමත් වූවන් සහ රැකියා විරහිත උපාධිධාරීහු අද (21) දහවල් ඌව පලාත් සභාව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ .
ගුරු විභාගය සමත් වූවන් සදහා කඩිනමින් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා මෙසේ උද්ඝෝෂණයේ නිරතව සිටියහ .
බදුල්ල සේනානායක පිටිය අසල සිට විරෝධතා පාගමනකින් බදුල්ල නගරයේ ඌව පලාත් සභාව ඉදිරිපිටට පැමිණ මෙසේ මොවුන් පැයකට ආසන්න කාලයක් පුරා උද්ඝෝෂණය කළහ .