
(යොහාන් භාසුර)
මැල්සිරිපුර, පන්සියගම නායඋයන ආරණ්‍ය සේනාසනයේදී හදිසි අනතුරකට පත්ව අපවත්වූ ස්වාමීන්වහන්සේට සංවේගය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ සියලුම විහාරස්ථානවල කහ කොඩි ප්‍රදර්ශනය කරන ලෙස එම නිකාය ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසන රතන නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් එම ඉල්ලීම් කළහ.

