(රෝෂන් තුෂාර)
අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් අල්ලස් කොම්ෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළාය.
සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවන පරිදි වරෙන්තුවක් නිකුත් කරන්නැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.