
(දයාරත්න ඇඹෝගම)
රාජාංගනය ප්‍රදේශයේ ගෙවිලියෝ පිරිසක් පරිසරයට අහිතකර අලිමානා,ජපන්ජබර, යෝධ නිදිකුම්බා ආදීයෙහි පාත්‍රාවලින් මෙන්ම බඩඉරිඟු ශාකයෙන් ඉවතලන ද්‍රව්‍ය ,කෙසෙල් කඳන් ආදිය උපයෝගී කරගෙන අත් කඩදාසි නිපදවීමේ කටයුත්ක නිරතව සිටිති.
රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කාර්යලයට අයත් ස්ථානයක ඉතා අඩු පහසුකම් යටතේ සිදුකරන මෙම කඩදාසි නිෂ්පාදනය වාසි ගණනාවක් අත් වන බව මෙහි නිර්මාතෘවරයා වන්නේ ධම්මික රන්සිරිගේ මහතා පවසයි.
මෙම කර්මාන්තය දියුණු කළ හොත් සමාජ ගැටළු රාශියකට විසදුම් ලබාගත හැකි බව ඔහු පවසයි. දේශීය මෙන්ම විදේශිය වෙළදපොළ තුළ ද ස්වභාවික අත් කඩදාසි සදහා ඉහළ ඉල්ලුමක් පවතී. විසිතුරු භාණ්ඩ , කාර්යාලයීය උපකරණ , ලිපි ද්‍රව්‍ය බහාලීම සදහා අවශ්‍ය විවිධ උපකරණ ආදිය මෙම කඩදාසි හරහා ආකර්ශනීය ලෙස නිර්මාණය කිරීම මෙම ස්ථානයේ දී සිදු වේ.
අවශ්‍ය නම් වර්ණ වෙනස්කර ගැනීම සදහා පල්පයට විවිධ වර්ණ එකතු කිරිමේ හැකියාව ද පවතී. වියලා ගත් කඩදාසි මටසිලිටි කරගැනිම සදහා යන්ත්‍රය මගින් මැදීම ද සිදුකරයි.
එම අත්කඩදාසි වලට විවිධ අලංකාරවත් මෝස්තර යොදා ගැනීමේ බ්ලොක් මුද්‍රණ ක්‍රමයක්ද පවති.
මෙම අත් කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සදහා ඇමරිකාව , ජපානය , ස්විට්සර්ලන්තය ආදී රටවලින් ඉල්ලුමක් පවතී. එමෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිතව දේශිය වෙළදපොළ තුළ ද මේවා ප්‍රචලිත කිරීමට හැකියි.
2020 වර්ෂයේ දී පළමුව ආරම්භ කළ මෙම කර්මාන්තය තවමත් පවතින්නේ ළදරු අවධියකය. කෝවිඩ් බලපෑම ඊට ප්‍රධානතම හේතුවයි.
ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදනය කිරීමේ සමිතියක් ලෙස 30 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් එක්ව කරන මේ නවමු වැඩපිළිවෙළ ඉතා සාර්ථකත්වයට පත් වුවකි. මෙම කඩදාසි නිෂ්පාදනය සම්බන්ධයෙන් සොයා බැලිම සදහා සමෘද්ධී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නීරික්ෂණ චාරිකාවකට එක්විය.






