
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෑත කාලයේ ගත් ආන්දෝලානාත්මක තීරණ කීපයක් නිසා රාජ්‍ය සේවයේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අප රටේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්නත් කළමනාකරණය කරන්නත් අවශ්‍ය කරන ආයතනයක් ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව තිබෙනවා.මෑත කාලයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ආන්දෝලානාත්මක තීරණ කීපයක් ගත්තා. කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ලකුණු මට්ටම හතළිහ සිට පනහ දක්වා වැඩි කිරීමට කටයුතු කර තියෙනවා.මේ තත්ත්වය නිසා රාජ්‍ය සේවයේ යම් ව්‍යාකූලත්වයක් ඇතිවී තියෙනවා.මේ ආකාරයේ ආන්දෝලනාත්මක තීරණ ගැනීමට පෙර අදාළ අමාත්‍යංශ ලේකම්වරයා හෝ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

