රාජ්‍ය සේවකයන්ගේ 2,500 දීමනාව ජූලියේ සිට


(මනෝජ් හර්ෂික)

සියලු රාජ්‍ය සේවකයන්ට 2019 අයවැය මඟින් ගෙවීමට යෝජිත රුපියල් 2,500 ක මාසික දීමනාව ජූලි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය සේවකයන්ට අන්තර් දීමනාව වශයෙන් රුපියල් 2,500ක මුදලක් ජූලි 1 වැනිදා සිට ගෙවනු ලැබුව ද මාසිකව ගෙවනු ලබන රුපියල් 7,800 ක ජීවන වියදම් ගෙවීම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ.

මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාතාංශය විසින් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.