රාජ්‍ය සේවක නිර්මාණ සම්මාන


(යොහාන් භාසුර සහ මහිෂා සිල්වා)

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ  රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එච්. ඩබ්ලිව්. සී. පි. අහේෂිකා මහත්මියගේ ‘මම්ස් ඩිනර්’ හොඳම කෙටි චිත්‍රපටය ලෙස ද, කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිශාන් ජයලත් මහතාගේ නිර්මාණය හොඳම චිත්‍රය ලෙස ද, සම්මාන ලැබීය.
රාජ්‍ය සේවකයන්ගේ නිර්මාණශීලී කලා කුසලතා ඇගයීම මෙන්ම නිර්මාණ කාර්ය සඳහා දිරිමත් කිරීමේ අරමුණින් පැවැති මෙම සම්මාන ප්‍රදානය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
එහිදී හොඳම ඡායාරූපයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආර්.එම්.ඩී.එම් හසන්තිකා මහත්මිය ද, විශිෂ්ටතම නාට්‍යයට ‘නවතිනු’ නාට්‍යය වෙනුවෙන් ප්‍රසන්න ගාමිණී කුමාර සහ ‘කොඩුහල් වර්නම් පුසුහින්රනා’ නාට්‍යය වෙනුවෙන් පී. සිරිලේඛා මහත්මිය ද, සම්මාන ලැබූහ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වූහ.