(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
රජයේ ගොඩනැගිලි වලට අබාධ සහිත පුද්ගලයින්ට ප‍්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් නොසැපයීම මඟින් රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව (18) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මින් ඉදිරියට අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන යටතේ ඉදිවන සෑම ගොඩනැගිල්ලක්ම ආබාධ සහිත පුද්ගලයින්ට ප‍්‍රවේශ වීමේ පහසුකම් සහිතව ඉදි කළ යුතු බව නියෝග කළේය.
මෙම රෙගුලාසි සහ රීති වලට අනුකූල නොවන ගොඩනැගිලි සැලසුම් අනුමත නොකළ යුතු බවටද තවදුරටත් නියෝග කළේය.
මෙම රෙගුලාසි කඩ කරන්නන්ට එරෙහිව නඩු පවරන ලෙසද අධිකරණය වගඋත්තරකාර අමාත්‍යාංශවල ලේකම්වරුන්ට නියෝග කළේය.
මීට අමතරව රුපියල් 50,000 ක මුදලක් නඩු ගාස්තු හැටියට පෙත්සම්කරුට ගෙවන ලෙසද රජයට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ආචාර්ය අජිත් සී. පෙරේරා මහතා විසින් ගොනු කළ මූලික අයතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.
දෙහිවල ,ආතර් පෙදෙසෙහි පදිංචි අංක 18 /1 දරණ ස්ථානයෙහි පදිංචි ආචාර්ය අජිත් සී.පෙරේරා මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එවකට සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටුයතු කළ අමාත්‍ය දයා ගමගේ , එවකට පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටුයතු කළ ෆයසිර් මුස්තාපා , නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස , මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක , අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , අධිකරණ අමාතන් තලතා අතුකෝරළ , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය , නගර සංවර්ධන අධිකාරිය සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන විනිසුරුතුමන්ලාගේ එකඟත්වයෙන් විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා විසින් ප‍්‍රකාශිත තීන්දුවේ මෙසේ ද සඳහන් වේ.
මෙම නියෝගයන් තවමත් ක‍්‍රියාත්මක නොකර අදාළ නීතීන් උල්ලංඝණය වන බව පවසමින් පෙත්සම්කරු 2018 සැප්තැම්බර් 3 වැනි දින තවත් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීතිපතිවරයා උත්තර බඳිමින් කියා සිටින්නේ අදාළ නීති සහ රෙගුලාසි ක‍්‍රියාත්මක කරමින් පවතින බැවින් අයිතිවාසිකම් කඩවීමක් සිදු නොවන බවයි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු ආබාධ සහති පුද්ගලයින් පහසුකම් සැලසීමට අදාළ නීතී ක‍්‍රියාත්මක නොකිරීමට රජය අපොහොසත් වීමෙන් පෙත්සම්කරු ඇතුළු ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇත.

