
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධානීන් කැඳවා කරුණු විමසා ඇත.
මෙම කාරක සභාව එහි සභාපති අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව කරුණු සලකා බැලිණ
ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ.
එසේම ඇතැම් නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන ඇති බවද නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ
කෙසේ වෙතත් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලුවලට අදාළව පෙත්සම්කරුගේ ද අදහස් විමසීමට අවශ්‍ය බව මෙහිදී තීරණය වූ අතර ඒ අනුව ඒ සඳහා නැවත දිනයකදී පෙත්සම්කරුවන්ද කාරක සභාවට කැඳවීමට තීරණය විය.

