(ඉන්දිකා රාමනායක)
පොලිස් රාජකාරිය එපා වී රාජකාරියට වාර්තා නොකළ පිටකොටුව පොලිසියේ ආධුනික කොස්තාපල්වරුන් තිදෙනෙකු සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
2023 ජනවාරි 24 දින සහ 2023 පෙබරවාරි 07 දින සිට නොදන්වා පොලිස් සෙවයට වාර්තා නොකළ මෙම කොස්තාපල්වරුන්ට සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොවුන් ගම්පහ සහ රත්නපුරේ පදිංචිකරුවන් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉකුත් (20) දින මෙම නියෝග නිකුත් කර ඇත

