
(ගයාන් සූරිය ආරච්චි)
රාගම බටුවත්ත ප්‍රදේශයේ දී ආමි උපුල් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරුගේ නිවස ඉදිරිපිට වල දමා තිබූ බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 14 ක් සහ ජාඇළ ප්‍රදේශයේ සඟවා තිබූ යතුරු පැදියක් සොයා ගත්බව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
ආමි උපුල් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ඝාතනයේ වෙඩික්කරු සහ පැදිකරු ඉකුත්දා කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 28 සහ 35 වියේ පසුවන දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් යතුරු පැදිය ජාඇල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

