රාගම රෝහලේ වැඩ පැය 4ක් නවතී


(විමුක්ති එස් රුද්‍රිගු)

ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති 13 ක් අද( 23) පෙරවරු 8 සිට පස්වරු 12 දක්වා පැය හතරක කාලයක් සේවයෙන් ඉවත් වූ බව සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක අරවින්ද ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඖෂධ හිඟය,උපකරණ හිඟය, උද්ධමනයට දීමනාවක්, ප්‍රවාහනයට දීමනාවක්, සේවක හිඟය, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තනතුරින් ඉවත් කිරීම, දින 5 ක වැඩ සතිය,බැංකු පොලී අනුපාතයට එරෙහිව සහ අතිකාල සීමා කිරීමේ චක්‍ර ලේඛයට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගත් බව අරවින්ද ගමගේ මහතා පැවසුවේය.

මෙම ඉල්ලීම් 9 ට බලධාරීන් නිසි පිළිතුරක් ලබා නොදුනහොත් ඉදිරියේදී සියලු රෝහල් වල අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බව අරවින්ද ගමගේ මහතා පෙන්වා දුන්නේය.