(උපාලි ආනන්ද)
රස්නායකපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අභියාචනාධිකරණයට ගොනු කළ අභියාචන පෙත්සම ජනවාරි 31 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
දැදුරුඔය සිංගක්කුලිය ප‍්‍රදේශයේ වැලි ජාවාරමක නියැලෙමින් සිටි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී තමන්ට පහරදී එක් ඇසක් අන්ධ කර දත් 11 ක් කඩා මරා දැමීමට තැත්කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ විත්තිකරුවන්ට මහාධිකරණය දඬුවම් ප‍්‍රමාණවත් නොවන බව පවසමින් මොවුනට උපරිමයෙන් දඬුවම් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මෙම අපරාධය සම්බන්ධයෙන් වරදකරුවන් වූ කොබෙයිගනේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සහ කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ඇතුළු විත්තිකරුවන් 19 දෙනාට මීට පෙර කුරණෑගල මහාධිකරණයෙන් එක් එක් චෝදනාවට වෙන් වෙන් වශයෙන් මාස 3 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර එම සිරදඬුවම් වසර 10 ට අත්ටුවීමට ද නියෝග කෙරිණි.
නඩුවේ පැමිණිලිකාර රස්නායකපුර පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් කරුණාධීර, පොලිස් කොස්තාපල්වරුන් වන රෝහණ දේවසිංහ සහ කේ කේ අජිත් කුමාර යන මහත්වරුන්ට වෙන් වෙන් වශයෙන් මුදලින් රුපියල් ලක්ෂ 9 1/2 බැගින් වන්දි ගෙවන ලෙසට මහාධිකරණය විත්තිකරුවන්ට නියෝග කළේය.
රස්නායකපුර පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් කරුනාධීර මහතා අභියාචනාධිකරණයට ගොනු කර ඇති අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කේ පී සමන්සිරි, එන් එම් බුද්ධික ප‍්‍රසාද්, කේ ඒ නිලන්ත සමන් කුමාර, ඒ ප‍්‍රියන්ත කුමාර, එල් ඉන්දික නුවන් සම්පත්, පී එම් නිමල් සිරිවර්ධන, ආර් එම් රංජන් රාමනායක, ආර් එම් ජයලත් සුජිත් කුමාර කොබෙයිගනේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඒ මහින්ද කුමාරසිරි, කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ආර් ඒ සිසිර කුමාර රාමනායක යන අයයි.
සෙසු වගඋත්තරකරුවන් වන්නේ ඒ නීල් රාමනායක, එස් එම් සුනිල් ප‍්‍රියන්ත, එල් ලලිත් පේ‍්‍රම කුමාර, එස් ඒ නිලන්ත සමරතුංග, එල් අජන්ත සමරවීර, එස් ඒ නිලන්ත සමරවීර, එස් ඒ ලක්ෂ්මන්, ඒ අසංක ඉන්ද්‍රජිත් සහ වර්ණකුලසූරිය අනිල් ක‍්‍රිෂාන්ත යන අයවලූන්ය මුළු විත්තිකරුවන්ගේ ගණන 19 කි.
නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස අධිචෝදනා ලබා සිටි සුසෙනු කැපියන්පනගේ සෙවනඩියා නැමැත්තා නඩුව විභාග වන අතරතුර අධිකරණය මඟහැර සැගව සිටින ඔහු සිටිනේනේ විවෘත වරෙන්තු මතය රස්නායකපුර පොලිසියේ හිටපු ස්ථානාධිපති ස්වකීය අභියාචනා පෙත්සම මගින් තවදුරටත් අභියාචානාධිකරණයට දැනුම්දී ඇත්තේ තමාට මෙම අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා වෙන් වෙන් වශයෙන් ගොනු කර තිබූ අධිචෝදනා පහටම කුරුනෑගල මහාධිකරණයේ දී ඔවුන් වරද පිළිගත් බවයි.
පසුව කරුනෑගල මහාධිකරණ සියලු විත්තිකරුවන්ට පලමු චෝදනාවට මාස 3 බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර එම සිර දඩුවම වසර 10 කට අත්හිටුවා ඊට අමතරව රුපියල් 10,000 බැගින් දඩ නියම කෙරිණි.
සියලුම විත්තිකරුවන්ට දෙවැනි චෝදනාවට මාස 3 බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර එම සිරදඩුවම වසර 10 කට අත්හිටුවා රුපියල් 10,000 බැගින් දඩ නියම කර රුපියල් 50,000 බැගින් මුදලින් වන්දි ගෙවන ලෙසට නියම කළේය.
3 වන චෝදනාවට ද මාස 3 බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර එම සිර දඩුවම වසර 10 කට අත්හිටුවා රුපියල් 10,000 බැගින් දඩ නියම කර දෙවන වින්දිත පොලිස් කොස්තාපල් රෝහණ දේවසිංහට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙසට නියෝග කළේය.
4 වන චෝදනාවට සියලුම විත්තිකරුවන්ට මාස 3 බැගින් බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර එම සිරදඩුවම වසර 10 කට අත්හිටුවීමට නියෝග කර වින්දිත පොලිස් කොස්තාපල් අජිත් කුමාරට රුපියල් 50,000 බැගින් වන්දි මුල් ගෙවීමට නියෝග කළේය.
සියඵම විත්තිකරුවන්ට 5 වන චෝදනාවට මාස 3 බැගින් බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම කර එම සිරදඩුවම වසර 10 කට අත්හිටුවීමට නියෝග කර රුපියල් 35,000 බැගින් දඩ මුල් ගෙවන ලෙසට නියෝග කළේය.

