(ඉන්දිකා රාමනායක)
රඹුක්කන විරෝධතාවය මැඩලීමේ දී පොලීසිය බලය ඉක්මවා කටයුතු කර ඇති ද යන්න සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ( විශ්‍රාමික ) ජගත් අල්විස් මහතා පවසයි.
මෙම කමිටුව සඳහා රාජ්‍ය අමාත්‍යාංශයක ලේකම්වරයකු, අමාත්‍යාංශ අතිරේක ලේකම් වරයකු , , සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශකවරයා පත්කර ඇති බවද මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවේ සියලු ජනතාව සාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසත්, , ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් වළකින ලෙසටත් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

