(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
එක්සත් ජාතික පක්ෂ නායක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය හෙට (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දැනුම් දුන්නේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විිනිසුරු මඩුල්ලක් හමුවේ අද (18) සලකා බැලිණී.
මැතිවරණ කොමිසම, එහි සභාපති ඇතුළු සෙසෙු සාමාජිකයන් සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 11 දෙනකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කරනු ලැබ ඇත.
මෙම අද (18) අධිකරණය හමුවේ සලකාබැලූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණීෂ්කා ද සිල්වා මහත්මිය සදහන් කර සිටියේ තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව මූලික අයිතිවාසිකම් කඩවී දින 30ක් ඇතුළත් මුලික අතිවාසිකම් පෙත්සමක් ගොනුකළ යුතුව ඇති බවත්, එහෙත් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත්තේ වසරක කාලයක් ඉකුත් වීමෙන් අනතුරුව බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා කියා සිටියේ තමන් නිතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සමග එකගමන බවත් ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙසත්ය.
දෙපාර්ශ්වයේ ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව හෙට (19) ලබා දෙන බවට දැනුම් දෙමින් නඩුව කල් තැබීය.