ඉන්දිකා රාමනායක
රනිල් වික්රමසිංහ මහතා ඇතුලූ පිරිස රජයට අයත් අරලියගහ මන්දිරයේ නීතිවිරෝධී ලෙස රැඳී සිටිනා බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය අද (2) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සිංහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත ,බොදුබල සේනා සංවිධානයේ සංවිධානයක දාපනේ සුමනවංශ යන හිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ නීති විරෝධීව රැඳී සිටිනවා නම් එය බරපතල රාජ්‍ය දේපළ අවභාතාවක් බවත්, පසුගිය යහපාලන රජය ස්ථාපිත කළ මුල්‍ය අපරාධ කොට්ඨාසයට දැන් අවස්ථාව උදාවී තිබෙන්නේ ඔවුන් ස්ථාපිත කළ උදවියට එරෙහිව විමර්ශනයක් කිරීම බවත් මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසුහ.
අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා පත් කරන ලද බවත් , රනිල් වික්රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් දැනුම් දී තිබියදීත්, මේ සියල්ල නීත්‍යනුකූලව සිදුකර ඇති බවට නීති විශාරදයන් කරුණු කාරණා ඉදිරිපත් කර තිබියදීත්, පාර්ලිමේන්තුවේදී නව අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ අග්‍රාමාත්‍යවරයාට හිමි සියලූ වරප්‍රසාද ලබා දීමට කතානායකවරයා එකඟතාව පලකර තිබියදීත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තවදුරටත් අරලියගහ මන්දියේ රැඳී සිටින්න කිසිසේත් අයිතියක් නොමැති බවද උන්වහස්සේ කියා සිටියහ.
අරලියගහ මන්දිරයේ නීතිවිරෝධීව රැඳී සිටින සියලූ දෙනා මුල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි