රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවෙයි


 

(සුජිත් හේවාජුලිගේ )

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් තුනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී  හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ඔහු මෙසේ හමු වූයේ වයඹ උතුරු මැද උතුරු නැගෙනහිර යන පළාත් වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ය.

සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව වැඩබලන ජනාධිපතිවරයා  එම  මන්ත්‍රීවරුන්ට  එහිදී  පොරොන්දු වී ඇතැයි වාර්තාවේ.

මෙම සාකච්ඡාවට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වීය.