රන්ජන්ගේ “කෝප්“ පුරප්පාඩුවට හර්ෂ ද සිල්වා


(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න )

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති හෙයින් ඔහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) දැරූ සාමාජික තනතුරේ  පුරප්පාඩුවට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (4) දැනුම් දුන්නේය .

පසුගිය 30 වෙනිදා රැස්වූ තේරීම් කාරක සභාව මෙම පත්වීම කළ බව ද කතානායකවරයා  ප්‍රකාශ කළේය .

කතානායකවරයා මෙම දැනුම්දීම කළේ සභාවේ කටයුතු ආරම්භයේ දී නිවේදන ඉදිරිපත් කරමිනි