රන්ජන් ශාස්ත්‍රවේදී පළමු වසර අවසාන පරීක්ෂණයට ඉඳගනී


(ඉන්දිකා රාමනායක)

බන්ධනාගාරගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමනායක මහතා ශ්‍රී  ලංකා විවෘත  විශ්ව  විද්‍යලයේ  ශාස්ත්‍රවේදි තරුණ කටයුතු හා ප්‍රජා  සංවර්ධන උපාධි පාඨමාලාවේ  ප්‍රථම වසර අවසාන පරික්ෂණය  සදහා මෙම 11 - 18 යන  දිනවල  පෙනි සිටිමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අනුමැතිය පරිදි  වැලිකඩ බන්ධනාගාර අධ්‍යන කේන්ද්‍රයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.