(කේ. බුද්ධික කුමාරසිරි)
මහ මග ගමන් ගන්නා ජනතාවගේ ගෙල බැද තිබූ රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටි හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනකු කොල්ල කා විකුණා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයක් සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු මාල කඩන බවට හංවැල්ල පොලිසියට ලද තොරතුරක් මත තුම්මෝදර පඤ්ඤාගුල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේදී අත් අඩංගුවට ගෙන තිබුණි.
එම නිවස වටලන අවස්ථාවේදී තිදෙනෙකු නිවස තුල අයිස් මත්දුව්‍ය පාවිච්චි කරමින් සිට ඇති අතර එම පිරිසද අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරයකු වන බවද පොලිසිය පවසයි.