
(ගයාන් සූරිය ආරච්චි සහ ජේ ඒ එල් ජයසිංහ)
රුපියල් 469,000 මුදල් සහ රන් බඩු සොයාගත් බව කියන නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාතුඔය නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරනු ලබන අවුරුදු 31 සහ 32 වයස් වල පසුවන සෙබළුන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

