රථවාහන ස්ථානාධිපති හැප්පූ සිද්ධියේ 5ක් ඇප කොන්දේසි සපුරන්න බැරිව රිමාන්ඩ්


නිමන්ති රණසිංහ
 
බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති හප්පා පලා යෑම ගැන තොරතුරු පොලිසියට වාර්තා නොකළැයි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප නියම වූ හත් දෙනාගෙන් පස් දෙනකු හෙට තෙක් යළි රිමාන්ඩ් කර තිබේ.
 
අධිකරණයෙන් නියම කළ ඇප කොන්දේසි සපුරාලිය නොහැකි වීම නිසා එලෙස රිමාන්ඩ් කෙරුණු පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතාද සිටී. 
 
ඇප කොන්දේසි සැපිරී දෙදෙනකු මුදා හැර ඇතැයි පොලිසිය කියයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ