ඩී.ජී.සුගතපාල
දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක මහතා වැඩිදුර පරික්ෂණ සඳහා පැය 48ක කාලයක් රඳවා තබා ගැනිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (22) නියෝග කළේය.
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගැණිනි.
සැකකාර උප පොලිස් පරික්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් කරන ලද ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙයට පෙර අත්අඩංගුවට ගන්නා ලද එම ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා මහතා 28 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
ඉකුත් ජනවාරි 23 වැනිදා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන ගිනි අවි ද රැගෙන පැමිණි පිරිසක් මෙසේ පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇත්තේ රත්ගම පොලිස් වසමේ බූස්ස රත්න උදාගම පදිංචිව සිටි කොස්ම රසික් චින්තක සහ අසේල මංජුල කුමාර නමැති දෙදෙනෙකි.

