තරිඳු ජයවර්ධන
රත්ගම දී පැහැරගෙන යනු ලැබූ තරුණයන් දෙදෙනාගේ ඥාතීහු ඇතුළු පිරිසක් ගාලු-කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගමදී හරස් කරගෙන විරෝධතා ඇරැඹූහ.
උදෑසන නවයට පමණ විරෝධතාව ඇරැඹි අතර තවමත් විරෝධතාකරුවෝ රැඳී සිටිති.
තරුණයන්ගේ අතුරුදන් කිරීමට අදාල සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු බල කර සිටිති.
රත්ගම දී පැහැරගත් තරුණයන් දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක දී ඝාතනය කර පුලුස්සා ඇතැයි අනාවරණය කරගත් බව රහස් පොලිසිය ඊයේ පැවසීය.
ඡායාරූප - සුමතිපාල දියගහගේ


ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට



