රටපුරා හොරකමේ ගිය කල්ලියක් මාට්ටු


(සුමිත් පොතුපිටිය)

වාහන යොදාගෙන දිවයින පුරා සංවිධානාත්මක ලෙස  සොරකම් කිරීමේ නිරතවූ සිව්දෙනකුගෙන් යුත් සොර කල්ලියක් ලක්ෂ 60 භාණ්ඩ සමග අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.

කලුතර උතුර ප්‍රදේශයේ බැටරි අලෙවි නියෝජිත ස්ථානයක සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා පිහිටි බැටරි සහ ගෑස් අලෙවි මධ්‍යස්ථාන සහ තවත් වෙළඳසල් කිහිපයක්ම බිඳ භාණ්ඩ සොරකම් කර ඇති බැටරි 60 කට ආසන්න ප්‍රමාණයක් සහ ගෑස් සිලින්ඩර් 27 ක් සොරකම් සදහා යොදාගත් වැන් රථයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සදහන් කරයි.