රට විවෘත කළ පසු


(ඩයනා උදයංගනී

කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් දින 42 ක කාලයක් ක්‍රියාත්මක කර තිබූ නිරෝධායන ඇඳිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කෙරිණි.

අගෝස්තු මස 20 වනදා රාත්‍රී 10.00 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අතර එම කාලය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සහ මරණ වාර්තාවීම සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් යළි අද සිට රට යළි විවෘත කිරීමට තීරණය රජය තීරණය කළේය.

ඒ අනුව අද දිනයේදී දිවයින පුරා සාප්පු සංකීර්ණ, රෙදි පිළි අලෙවිසැල්, සිල්ලර වෙළඳසැල් ආදී සියල්ල විවෘත කර තිබූ අතර මාර්ගවල බස් රථ වෙනදා තරම් නැතත් සීමිත වශයෙන් ධාවනය වනු දක්නට ලැබිණි.

ජනතාව වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් මාර්ගවල ගමන් බිමන් යන ආකාරය දක්නට ලැබුණු අතර මේ හේතුවෙන් ‍නගරබද ප්‍රදේශයන්හි රථ වාහන තදබදයක් ද පැවතිණි.

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරිමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (30) නිකුත් කර ඇති අතර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් වුවද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක අතර පොදු ප්‍රවාහන සේවාවන්ට පළාත් අතර පමණක් ධාවනය කිරීමට අවසර ලබා දී තිබේ.

පොදු ප්‍රවාහනයේ දී ආසන ධාරිතාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර පොදු ප්‍රවාහන කටයුතු සඳහා වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු බව මාර්ගෝපාදේශ මාලාවේ සඳහන්ය.

ආයතනවලට සේවකයන් කැඳවීම ද තවදුරටත් සීමා කර ඇත.

ජනතාවට රැකියා, සෞඛ්‍ය, අත්‍යාවශ අවශ්‍යය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පමණක් නිවසින් පිටවයාමට අවසර හිමි වන අතර සාද, එක්රැස්වීම් ආදියට මෙතෙක් අවසර හිමිව නැත.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)