(ගයාන් සූරියආරච්චි)
මෝදර, මීගමුව, කිරිබත්ගොඩ, පුත්තලම, මුන්දලම, කුලියාපිටිය, වෙන්නපුව, පෑලියගොඩ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑ සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක පුද්ගලයෙකි.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකරුට එරෙහිව දිවයින පුරා නඩු 17 ක් පවතින අතර සැකකරු එම නඩු මගහරිමින් සිට දිවයිනේ අධිකරණ කීපයක් මගින් වරෙන්තු 11 ක් නිකුත් කළ පුද්ගලයකු තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු සන්තකයේ තිබී සොරාගත් රන්මාල 8 ක් සහ යතුරුපැදි දෙකක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.