( තිළිණි ද සිල්වා )
විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රමිකයන්ට කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
ඒ අනුව විදෙස්ගත වීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින්ට අදාළ රට නිර්දේශ කරන එන්නත් ලබා දීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සහ එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පවසයි.
මේ වන විට මෙරට තුළ චීනයේ සයිනෝෆාම් එන්නත ඇති බැවින් එම එන්නත අනුමත කරන රටවල් සඳහා පුද්ගලයන් පිටත් කර හැරීමට වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
චීනයේ සයිනෝෆාම් එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍ය , බහරේනය , ඇතුළු මැදපෙරදිග කලාපයට අයත් බොහොමයක් රටවල අනුමැතිය හිමිව ඇති එන්නතකි.

