රට බංකොලොත් කළ අයගෙන් වන්දි ගෙන මිනිස්සුන්ට දෙනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආර්ථිකය බංකොලොත් කළ නායකයන්ගෙන් ගෙන රටේ ජනතාවට වන්දි ලබා දෙන වැඩසටහනක් සමගි ජන බලවේගයේ රජයක් යටතේ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හැමදාමත් පාඩු ලබන ආයතන බදු ගෙවන්නන්ගේ මුදලින් හැමදාම පෝෂණය කරන්නට බැරි බව කී විපක්ෂ නායකවරයා සේවක සුරක්ෂිතතාවය ඇති කර රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට  බලාපොරොත්තු වෙන බව සඳහන් කළේය.

"අප ගමන් කරන්නේ සමබර මැද මාවතකයි.ඒ මාවතේ ගමන් කිරීම සඳහා ප්‍රතිපත්ති විස්සක් අපට තිබෙනවා. 

අප ආර්ථික සංකෝචනයක් විශ්වාස කරන්නේ නැහැ.වේගවත් ආර්ථික සංවර්ධන රටාවකට අප රට යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. සියල්ලන්ම අන්තර්ගත වූ වර්ධනයක් අප බලාපොරොත්තු වෙනවා.එමෙන්ම සාමූහික සමෘද්ධියක් බලාපොරොත්තු වෙනවා.රට ගොඩ නඟන ආර්ථිකය වර්ධනය කරන ආර්ථික ඇන්ජිම වන්නේ පෞද්ගලික අංශය බව අපේ විශ්වාසයයි.ආර්ථිකය සීමා බන්ධන වලින් තොරව ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීමට අප කටයුතු කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.