රට ගිය ඇත්තන් රවටන්න බොරු වීඩියෝවක් හදලා


(අංජුල මහික වීරරත්න)

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්‍රචාරයක් යවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් මෙම ප්‍රචාරය සිදුකර ඇතැයි ද කාර්යාංශය කියයි.

විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙස අදාළ වීඩියෝව මගින් ප්‍රචාරය කර තිබෙන බව කියන කාර්යංශ⁣ය එවැනි නිවේදනයක් කිසිඳු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද පවසයි.

මෙවැනි බොරු ප්‍රචාර යවන අයට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.