රට ඇරියත් පළාත් සංචරණ සීමා දිගටම


(සුජිත් හේවාජුලිගේ )

රට හෙට විවෘත කෙරුණද  පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

රටේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර රට විවෘත කිරීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිත  සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිතය .