රජයේ අයවැය ලේඛනය හෙට මැතිසබයට




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කතාව)  හෙට (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  හෙට පස්වරුවේ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වන දින සිට දින 6ක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතය

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදු කෙරේ