
(නිමන්ති රණසිංහ)
රජයෙන් ලබාදෙන පොහොර භාවිතයෙන් අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය .
මෙම වන්දි ලබාදීම සඳහා වන සැලසුම් සඳහා ඉදිරි සතියේදී චක්‍රලේඛයක් ඉදිරිපත් කිරීමට නියමිතව බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව රජයෙන් ලබාදෙන සියලු පොහොර සඳහා වන වගකීම රජයෙන් භාරගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද 28 පැවැති පැවැති මාධ්‍ය හමුවකදීය.

