රංජිත්ගෙන් හිස්වූ මන්ත්‍රී ධූරයේ වරුණ දිවුරුම් දෙයි


 

(ඩයනා උදයංගනී)

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී  ධූරය සඳහා වරුණ ප්‍රියන්ත මහතා කතානායක කරූ ජයසුරිය මහතා ඉදිරියේ මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධනයේ හිටපු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් සොයිසාගේ පුරප්පාඩුව සඳහා ප්‍රියන්ත මහතා දිවුරුම් දී තිබේ.

දිවුරුම් දීමෙන් පසු  ඒ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගත්තේය.