රංජන්ගේ නිවසින් බලපත් නොමැති පිස්තෝලයක්


(ඉන්දිකා රාමනායක)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවස පරික්ෂාවට ලක්කළ පොලිස් කණ්ඩායමට බලපත්‍ර නොමැති නයින් එම්.එම්. වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 118ක් සහ රජයට අපහාස කිරීමේ ප්‍රකාශ ඇතුළත් සී.ඩී. හා දෘඪ තැටි කීපයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙම පිස්තෝලය රංජන් රාමනායක මහතා වෙත රජයෙන් නිකුත් කර තිබූ එකක් වුවද, 2016 වර්ෂයේදී එහි බලපත්‍ර අහෝසි වී ඇතැයි පොලීසිය කියයි.

බලපත්‍රයක් නොමැතිව එම ගිනිඅවිය හා උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඒවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.