යොහානිගේ දස්කම් ඇමැති බන්දුල කවියට නගයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලෝකයේම කතාබහට ලක්ව ඇති "මැණිකේ මගේ හිතේ"  ගීතය ගායනා කරන යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට  වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) කවියකින් සුබ පැතුම් එක් කිරීම විශේෂත්වයක් විය.

" මැණිකේ වදනින් ලොවක්          කැළඹු
  මිහිරි ගීයෙන් සවන්                  සැනසූ  
  සිහින කුසුමන් දෑස                  තැවරූ
  යොහානි දුවට  අපේ            සුබපැතුම් "

යනුවෙන් ගුණවර්ධන මහතා එම කවි පදය  එහිදී  තාලයට ගායනා කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි දියණියට  තමා හදවතින්ම සුබ පතන බව ඇමැතිවරයා  වැඩිදුරටත් පැවසුවේය.

ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගයක් පිළිබඳ විවාදයේදීය.