ඉරානයට කළ පහර දීමෙන් පසු, යේමනයේ සිටින ඉරාන හිතවාදී හවුති සටන්කාමීන් ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. කෙසේ නමුත් එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් විය.
යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස ඇමෙරිකාව නම් කර ඇති අතර, ඇමෙරිකාව හවුති සටන්කාමීන්ට දිගින් දිගටම පහර දෙමින් සිටී.
මේ අතර, ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට පතිත වූ ඉරාන මිසයිලයක් ගොඩනැගිලි රැසක් බිමට සමතලා කළ බව පැවැසෙයි. ඊයේ (13) එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු, දිගින් දිගටම යුදෙව් ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රතිඥා දී ඇත.
ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් ඉරානය ත්‍රස්තවාදී රාජ්‍යයක් බව පවසමින්, ඉරානයට දිගින් දිගටම පහර දෙන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත. මීට අමතරව, ඉරානය දැවී අළු වෙන තුරු පහර දෙන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.