යුක්තිය වෙනුවෙන් කතා කළ උතුරේ දකුණේ ඔක්කොම විරුවන්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සත්‍ය,යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කතා කළ දකුණේ තරුණයන් මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දකුණේ තරුණයන් මැරෙද්දී වගේම උතුරේ තරුණයන් මැරෙද්දීත් තමන්ට කඳුළු සැලුණු බව අමාත්‍යවරයා කීය.

"යුද්ධය නතර වෙනවා යනු සාමය ඇති වීම නොවේ.විපක්ෂ නායකයා රණවිරුවන් ගැන කතා කරනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට ආයුධ දුන්නේ කවුද? රණවිරුවන් ජීවිත පූජා කළා. අප ඒ ගැන කතා කරනවා.ඒ වගේම අප ඔවුන්ට රණවිරුවන් කිව්වා.කොරෝනා කාලයේ සෞඛ්‍ය සේවයේ අයට සුව විරුවන් කිව්වා. හරියට කාර්යක්ෂමව රාජ්‍ය සේවය කරනවා නම් ඔවුන්ට රාජ්‍ය සේවයේ විරුවෝ කියන්න පුළුවන් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.