(අංජුල මහික වීරරත්න)
යාල වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් අද (5) දහවල් සිට යළි විවෘත කළ බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් දින වල පැවැති අධික වර්ෂාව නිසා යාල වනෝද්‍යානය මාර්තු 1 දා සිට සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරිණි.
මාර්ග කිහිපයක් විවෘත කෙරුණද වැසි තත්ත්වය හමුවේ අබලන් තත්ත්වයට පත්විය හැකි මාර්ග තවදුරටත් වසා තැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මාර්ග කිහිපයක් විවෘත කළ ද යාල වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවලට ඉතිරියට ලැබෙන වර්ෂාපතනය අනුව මාර්ග විවෘත කිරීමේ තීරණය සම්බන්ධව යම් වෙනසක් සිදුවිය හැකි බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අධික වැසි නිසා යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යට වීම මෙන්ම වනෝද්‍යානයේ වැව් ඉවුරු කිහිපයක් කැඩී යාමේ අවදානම නිසා යාල වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබිණි.