යාපනයේ පාරක් වසර 34කට පසු මහජනයාට විවෘත වෙයි


( රොමේෂ් මධූෂංක)

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුදහමුදාව විසින් පියවර ගෙන තිබුණි.

යපනය පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා ඇති කිලෝ මීටර් දෙකහමාරක දුර මාර්ගය මෙසේ විවෘත කෙරිණි.

පලාලි යුදහමුදා කඳවුරේ ඇති අධිආරක්ෂිත කලාපය හරහා  ඇති මෙම මාර්ගය විවෘතව තැබීමෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු ඉතා පහසු වෙයි.

කෙසේ වෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිලිපැදිය යුතු කොන්දේසි 07ක් පමණ යුද හමුදාව විසින් දැනුම් දී ඇත. මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 06 සිට සවස 5 දක්වා කාලය දක්වා පමණි.